නොසිතු විලස ඔබnosithu wilasa oba

Nosithu Vilasa Oba

Music:
රුවන් වල්පොලruwan walpola
Lyrics:
ප්‍රියන්ත පෙරේරාpriyantha pereeraa

Lyrics

නොසිතු විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවුනු බව දැනුනේ
හිමි නැති උනත් මට අද ඔබගේ සෙනෙහේ
ආපසු හැරෙනු බෑ මට මේ සංසාරේ

අදුරු මාවතේ අප හමුවී ලොවට හොරා
පෙම් හසරැලි ගලා යයි හාදු මැදින්
ඒ සුව දැනුනේ පෙර නූ ලෙස තුරුලෙන්
හැර යන්නේ කෙලෙස ඔබ මා මේ ලොවට බයෙන්

නෙතු ගැටුනා හද සැලුනා ඔබම නිසා
ලොව මැවුනා හඬ ඇසුනා ගුවන පුරා
යලි ඔබ හිනැහී මගේ හදවත පිරුනා
ඔබ හැර වෙන ලොවක් නැති බව මට දැනුනා

නොසිතු විලස ඔබ මා දුටු ඒ දවසේ... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.