නොසිතූ දිනෙකnosithuu dhineka

Nosithu Dinaka

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
තනුජා වීරසිංහthanujaa wiirasinha

Lyrics

(නොසිතූ දිනෙක ඔබ ළං වෙලා
මතකයි කියූ දේ කොඳුරලා
මා හදේ ගැඹුරේ ඔබ හැංගිලා
ලියු ආදරේ සුවඳයි සදා......//)

(සුසුමන් නැගේ මා හදවතේ
ඔබගේ නිමින් මේ ජීවිතේ.....//)
සුවඳයි තවම අපේ ආදරේ
ඔබගෙන් තොර ලොවක් නෑ ප්‍රියේ......

(ඔබගේ ළඟින් උන් කාලයේ
දැනුනා මිහිරි බව ජීවිතේ.....//)
සොඳුරුයි මතක සැමරුම් අපේ
තවමත් ඔබට මම ආදරෙයි.......

නොසිතූ දිනෙක ඔබ ළං වෙලා
මතකයි කියූ දේ කොඳුරලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.