නොපෙනෙන සේ (කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය ගීතය)nopenena see (kiyaa dhenna aadharee tharam telinaatya giithaya)

Nopenena Se (Kiya Denna Adare Tharam Teledrama Song)

Music:
මිලින්ද සදරුවන්milindha sadharuwan
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරි 
ඔබ දැකගන්න ලැබුණොත් යළි... 
නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී 
ජීවත්වෙන්න මට ඒ ඇතී...  
                                    
අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් 
අමතක වෙන්නෙ නෑ කිසිම දා...                                                                                               
මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් 
එය මට වැඩිය ඔබ දන්නවා...

වාව ගන්නා වාරු හොයනා 
ගිලන් හදවතකට                                                                             
ආස කරනා ප්‍රේමෙ පෙරදා 
දුන්නෙ යලි ගන්නද...

අන්සතු ඔබ තරම්....
                                                                                                                                                                                                                                                 
දෛවෙ ලියලා තිබෙන හින්දා 
ඔබව වෙන කෙනෙකුට                            
නිහඬ වීලා නැවත හැරිලා 
යන්නෙ මං කොහොමද... 

අන්සතු ඔබ තරම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.