නොනිද මාnonidha maa

Nonida Ma

Music:
රකිත හෙට්ටිආරච්චිrakitha hettiaarachchi
Lyrics:
සංජය රණසිංහsanjaya ranasinha

Lyrics

මේ රැයේ හද හඬනා මේ රැයේ රූ ඔබේ 
මා මනින් නොමැකේවිදෝ ඔබ මෙසේ 
මා හැරදා යාවිදෝ යාවිදෝ යාවිදෝ
නොනිද මා මෙසේ සිතයි පුරා රැයේ 
නොම කියූ වදන් මේ මා මුවින් ගැයේ 

දෙව්ලියේ සිත සොරාගත් දෙව්ලියේ 
ඇයි මෙසේ පුන් සඳක් වී හිනැහුනේ පෑ සෙනේ 
මා ඔබ වෙත පෑ සෙනේ බොඳ වුනේ.. 
බොඳ වුනේ... 
         
නොනිද මා මෙසේ සිතයි පුරා රැයේ 
නොම කියූ වදන් මේ මා මුවින් ගැයේ 
දුටු දිනේ පටන් සිතේ උපන් සෙනේ 
නොම හැඟේවිදෝ සිතුම් මෙමා ලයේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.