නෝනාnoonaa

Nona

Music:
චනුක මොරගොඩchanuka moragoda
Lyrics:
උෂාණි විජේවන්තushaani wijeewantha

Lyrics

කාරි නෑ මට කාලෙ ඕනෙද 
හාදකම් නවතාලා
කාරණාවට තාම කෝළද
පාර නම් එළිවීලා
ජාති ජාතිත් ප්‍රේමයෙන් මං
ආවනම් ඉවසාලා
නාරි ලීලෙන් පාද තියපං
භාරගන්නම් නෝනා...

රජකම් එපා නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා මගෙ කිරුළයි ඔයා
ඒරොප්පෙන් ගෙනා බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා දුන් ප්‍රාණේ ඔයා...
(තානාත් තනත් තම් දනත්තනම් හෙයි 
තානාත් තනත් තම් දනාත්ත දනාත්ත...//)
(ප්‍රාණේම නෝනානේ...//)

සාමදානෙට තෑගි භෝගද
කප්පරක් පුරවාලා
වාස දේසෙට වරිගෙ සේරම
එක්ක එන්නම් මා හා
ඊට කලියෙන් වචනෙ දීපං
මා දුකින් මුදවාලා
නාඩගං හොදටෝම ඇති දැං
පාලු මකපං නෝනා

රජකම් එපා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.