මම ඇහැව්වා සිත නිදි වරනු ඇයිද නුඹ කියා
නිදි දෙව්දුවත් නුඹව අතැරියාද අනෙ ඇය නිසා
කකියනව දැන් හද කියා ගන්නටත් බැරි නිසා
පිය නොවුනු නෙත් මග බලන් ඉන්නවා ඔබ නිසා
නෑ... යළි ආයෙ එන්නෙ නෑ, මට කියාගන්න බෑ,
මෙ නොමැකෙන මතකයන්
බෑ... මට දරාගන්න බෑ, හිත හදාගන්න බෑ,
මේ නොමැකෙන මතකයන්
වාවන්න බෑ රැවටුනු තරම් මම දැන දැනත්
ඔබෙ තතු කියයි අතීතය නිහඬ බව බිඳන්
නැහැ ධෛර්‍යයක් නැවත හැරෙන්නට ජීවිතේ අරන්
අයදිමී මන් උහුලන්නට ඔබේ මතකයන්
සිරකරුවෙකි මන් රාත්‍රියේ දිලෙන තරුව මෙන්
යලි නැගිට්මී කෙසේ හෝ සිතට දිරි අරන් ඒත්
නෑ... යළි ආයෙ එන්නෙ නෑ, මට කියාගන්න බෑ,
මෙ නොමැකෙන මතකයන්
බෑ... මට දරාගන්න බෑ, හිත හදාගන්න බෑ,
මේ නොමැකෙන මතකයන්
mama aehaewwaa sitha nidhi waranu aeyidha numba kiyaa
nidhi dhewdhuwath numbawa athaeriyaadha ane aeya nisaa
kakiyanawa dhaen hadha kiyaa gannatath baeri nisaa
piya nowunu neth maga balan innawaa oba nisaa
nae... yali aaye enne nae, mata kiyaaganna bae,
me nomaekena mathakayan
bae... mata dharaaganna bae, hitha hadhaaganna bae,
mee nomaekena mathakayan
waawanna bae raewatunu tharam mama dhaena dhaenath
obe thathu kiyayi athiithaya nihanda bawa bindan
naehae dhhairyayak naewatha haerennata jiiwithee aran
ayadhimii man uhulannata obee mathakayan
sirakaruweki man raathriyee dhilena tharuwa men
yali naegitmii kesee hoo sithata dhiri aran eeth
nae... yali aaye enne nae, mata kiyaaganna bae,
me nomaekena mathakayan
bae... mata dharaaganna bae, hitha hadhaaganna bae,
mee nomaekena mathakayan