Lyrics
නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රදවලා
බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා
නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුනා
අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා
ඔබ මිරිගුවක් කියා දැන දැනත් ලංවුනා
ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ
මේ පපුව ගැඹුරේ දුක් සුසුම් අවුලලා
ඉන්නේ කොහොම ඉන්නේ ඔබ තුටින් හිනැහිලා
මා තනිවුනා වේ සෙනෙහසත් මදිවෙලා
ආයේ තුරුලු වූයේ කදුලු විතරයි ලැදිවෙලා
ඔබ තුටින් හිනැහුනා වේ මා දුකේ ගිල්වලා
මං ඉතින් තනිවුනා වේ හීන කැන්දනා ආදරේ
ඔබ මිරිගුවක්....
මේ දුහුල් මතකේ වේදනා දැඩිවෙලා
ඒ මතක අස්සෙන් ඔබ තවත් හමුවුනා
මේ පෙම්කතාවේ ඇරඹුමත් ගොලුවෙලා
ආයේ තුරුලු වූයේ කදුලු විතරයි ලැදිවෙලා
ඔබ තුටින්......