නොකියාම හැරදාලාnokiyaama haeradhaalaa

Nokiyama Haradala

Music:
දිනේෂ් අමිලdhineesh amila
Lyrics:
දිනේෂ් අමිලdhineesh amila

Lyrics

නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා 
මහ රෑක තනි යහනේ මම වැලපුණා
වස්සානයම අතැඟිල්ලේ දැවටී ගියා
ඔබ නොමැති මේ ලෝකේ මම තනිවුණා 
නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා.......

නෙතු අගට එක කඳුළු බිඳුවක් ඇති
අපි ආදරේ කෙරුවේ සසරේ බැඳි
ඒ කුරිරු හෙවණැල්ල සුළඟේ වැදී
පිදු පෙමට විරහවද තවමත් හිමි.......

අපි දෙන්නා වෙන් කරන බොරු චෝදනා
පිළිගත්තේ නැහැ ඔබට ඇති පෙම නිසා
ඇස් දෙකට දැක දැකම පෙම් කළ නිසා
දුර රටක මං තනිවුණා ඔබ නිසා.......

නොකියාම හැරදාලා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.