නොකී රහසක්nokii rahasak

Noki Rahasak

Music:
විපුල බුලත්සිංහලwipula bulathsinhala
Lyrics:
විපුල ධර්මප්‍රිය ජයසේකරwipula dhharmapriya jayaseekara

Lyrics

නොකී රහසක් මතකයේ හිඳ දැවෙනවා 
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා 
රැයේ ඝනදුර නැගෙන තනියට 
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා 
මං ආදරෙයි... මං ආදරෙයි 
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා
 
පැතුම් වෙරළට සිතුම් රලපෙල ඇදෙනවා 
සිතග කැලඹිලි නගනවා හැඟෙනවා 
නිදන නින්දද මුදා හරිමින් 
අවදිකොට මා තබනවා තබනවා 
මං ආදරෙයි... මං ආදරෙයි 
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා 

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා 
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා 
දකිනු රිසි ඔබෙ තාරකා ඇස් 
මසිත මිහිරක් මවනවා මවනවා 
මං ආදරෙයි... මං ආදරෙයි 
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා සොයනවා
ඔබේ සිත මා සොයනවා සොයනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.