නොහඬන් ළඳුනේnohandan landunee

Nohadan Landune

Lyrics

නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ //
සුරා පොදක් මා තොල ගෑ පමණින් 
සුරා සොඩෙකු වේදෝ
ඇය අත ගෙන රැඟුමක් පෑ පමණින්
මා සළලෙකු වේදෝ .. මා සළලෙකු වේදෝ
නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ

ඔබේ උපන් දින ප්‍රිය සාදයේදි
බමන මතින් රස ගීයක් ගැයුවට
සුමුදු අතක් ගෙන රැඟුමක් රැඟුවට
මා සළලෙකු වේදෝ .. මා සළලෙකු වේදෝ
මා සළලෙකු වේදෝ 
නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ

දහසක් මිතු කැළ රඟනා වේලේ
ඔබේ උපන් දින සමරන මොහොතේ
පසෙකට වී කිරි දරුවෙකු වාගේ
ඉකිබිඳ හඬනු එපා ... ඉකිබිඳ හඬනු එපා ...
ඉකිබිඳ හඬනු එපා ...
නොහඬන් ළඳුනේ ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.