නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේnodhaeka inna bae thawamath apee aadharee

Nodeka Inna Baa

Lyrics

නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ
නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජිවිතේ
නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ
නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ

හද පාමුලේ නැවතී ඔබේ
මතකේ අපේ අදටත් මැවේ
පෙර පෑ සිනා සේදි ගියා
කඳුලක් නිසා මම දන්නවා
පෙර මං බලා ඔබ ඇති කියා
හැමදාම මා ඔබගේ තමා//

සතුටක් හිතේ නැතිවත් මගේ
පැතුමක් ළයේ තවමත් තිබේ
හැමදේ දමා පියාඹා ඔබේ
තුරැළට වෙලා සතපා හොවා
උකුලේ තියා සෙනෙහස දොවා
නුදුරේම මා එනවා සොයා//

නොදැක ඉන්න බෑ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.