නොදන්නවා නොවේnodhannawaa nowee

Nodannawa Nowe

Music:
ටුලංජන සිරිවර්ධනtulanjana siriwardhhana
Lyrics:
ටුලංජන සිරිවර්ධනtulanjana siriwardhhana

Lyrics

දුරක දුර ඈත පේන හීනෙක
සඳක සඳ අහසෙ නොමැති මොහොතක
මලක මල් පෙති විසිරුනත් අද
ඔබට ඔබ ගැන කියූ කතාවක

නොදන්නවා නොවේ මමත් දුකින් තැවේ
මගෙ ජීවිතේ ඔබම වෙලා
අදත් මගේ හදේ වසන්තයක් වගේ
ඔබේ කී කතා ඇසෙනවා..
ආ හ හා.. හා..

පාට පාට පේලි අතරේ ලීව ඒ කතන්දරේ
හීනෙකින් පවා මිදෙන්න බෑ ඔබයි මතක් උනේ
ආදරේ නිසා මුලු ලෝකේ වුනා
දෙහදක් හදින් යා වෙලා.. ආහහා..

නොදන්නවා නොවේ....

ඇසක ඇස ගාව කඳුලු බිඳුවක
සිතක සිත් අහස බොඳ වුනත් අද
දිනක ඔබ ගාව ඉන්න මොහොතක
මටද මම ගැන කියූ කතාවක

නොදන්නවා නොවේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.