නොදැනෙනවා නම්nodhaenenawaa nam

Nodanenawanam

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
භාරත දේවනාරායනbhaaratha dheewanaaraayana

Lyrics

නොදැනෙනවා නම් පව් පිරෙයි රත්තරන්
මේ තරම් දුක් දෙන්නෙපා නෑ තරහා 
දැන් ඔයා සතුටු නම් යළි මාව රවටන්නෙපා
වෙන කව්රුවත් දන් නෑ මේ දුක මගේ
අහගන්න පුළුවන් කෙනෙක් 
මගේ ආදරේ ඇයි මේ විහිළුවක් වුණේ
හිත දන්නේ නෑ මේ මගෙත්.....

මා පෙම් කළත් රැවටුවා ආදරේමයි කියා
දැන් තනිවෙලා හඬනවා ඔබ ආයේ නම් එන්නෙපා
මගේ තුරුලේ ඔබ සෑමදේමයි කියා
මේ හුසුමේ ඔබ හිනැහෙනා 
වෙන්වෙන්නේ මියැදෙන්න විතරයි කියා
බොරු කීවේ ඇයිදෝ ඔයා.....

වෙන කව්රුවත් දන් නෑ මේ දුක මගේ
අහගන්න පුළුවන් කෙනෙක් 
මගේ ආදරේ ඇයි මේ විහිළුවක් වුණේ
හිත දන්නේ නෑ මේ මගෙත්.....

වෙන හිතක හිනැහෙන්න යළි ඉපදීලා
සැමරුම් අමතක වෙලා දුර යන්න 
ඔහු එක්ක දෙව්ලොව කරා
මා දෑසේ කඳුලක් තියා......

වෙන කව්රුවත්......

නොදැනෙනවා නම්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.