නියරේ පිය නගලාniyaree piya nagalaa

Niyare Piya Nagala

Music:
නිමල් ඩයස්nimal dayas
Lyrics:
වර්නන් පෙරේරාwarnan pereeraa

Lyrics

නියරේ පිය නගලා 
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය නගලා.../

සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය නගලා 
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.