නිවලම් ජීවිතේ කඳුළු හිනාවෙන්niwalam jiiwithee kandulu hinaawen

Niwalam Jiwithe Kadulu

Lyrics

නිවලම් ජීවිතේ කඳුළු හිනාවෙන් ඔය මුවෙ රැඳුණු 
මගෙ පෙම් හිනයෙ ඇදුණු ඔබයි දෙව්දු ඔබයි දෙව්දු 
වශියෙන් ඇස් ඔබේ ගැටුණු දිනේ මං ආදරෙන් බැඳුනු 
හීනෙකින් වාගේ මුණගැසුනු ඔබයි දෙව්දු  ඔබයි දෙව්දූ 

ලස්සන හිනාවක් කට  කොනේ පුරවා 
ලොකු ඇස් වතාවක් මා දිහා හරවා හුරතල් කතාවක් ඔය මුවින් පවසා 
එක හාදුවක් දි දී සනසවන් සිත මා 

විඩාවන් ජීවිතේ දැනුණු නිවාලයි ආදරෙන් පිරුණු 
දයාවෙන් ඔබේ හිත හැදුනු  තනාලයි  නිවක්  මට සොඳුරු 

වශියෙන් ඇස් ඔබේ ගැටුනු දිනේ මං ආදරෙන් බැඳුනු 
හීනෙකින් වාගේ මුණගැසුනු ඔබයි දෙවුදූ ඔබයි දෙව්දු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.