නිතරම සැකයෙන් (හැර යන්නට)nitharama saekayen (haera yannata)

Nitharama Sakayen (Hera Yannata)

Music:
ටොනි එම්toni em
Lyrics:
ඩී එන් ඒdii en ee

Lyrics

නිතරම සැකයෙන් මා දෙස බලනා 
ඔය දෑසට මදිදෝ මා පෙම් කළා
ආදරයෙන් උන්නත් මා ළඟටම වෙලා
ඔබ මඟ හැර යන බව මට තේරුණා
මට විතරද පාළු සිහිනෙකි නුඹ අඳුරු......

(හැරයන්නට කරුණක් හෙව්ව ඔයා 
නිකමටවත් මතකෙට එන්න එපා
ළඟ සිටියත් මා ගැන නොසිතු නිසා
ඔය තුරුලෙන් මා ඈතට යනවා......//)

හිත කකියන තරමට දුන් වේදනා
රැවටුණු හැටි තවමත් පුදුමයි තමා
උහුලන්නට බැරි මුත් විඳගෙන දරා
සිටියත් අසරණ සිත බිඳලා ගියා
තවමත් හුරුපුරුදු සුවඳයි නුඹ නපුරු......

හැරයන්නට.......////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.