නිසංසලේ මා තනියෙන්nisansalee maa thaniyen

Nisansale Ma Thaniyen

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
කුසුම් පීරිස්kusum piiris

Lyrics

නිසංසලේ මා තනියෙන්
තනියට මගෙ හිත ළඟටම අවුදින්
නිසංසලේ ඔබ තනියෙන්
තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
නිසංසලේ  මා තනියෙන්

නිසල සිතේ ඒ සසළ සුසුම්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්
සසල දෙතොල් නිසල හඬින්
පෙම් ගී ගැයුවා ඔබේ නමින්

නිසංසලේ මා තනියෙන්...

දෑසක ගොළු වුණු තනිය නිවාලන
දෑසක් සෙව්වෙමි සසර පුරා
අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
ඔබ හමු වූවා නො සිතු ලෙසින්

නිසංසලේ මා තනියෙන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.