නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්nisansala sandak paethum mal godak

Nisansala Sandak

Lyrics

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හඬක් ලඟ සිත නැවතෙනා හැඩක්...//

හමුවෙලා හවස දොළදෙණියේ කුඹුර ළඟ....
ඔබ කතා කළා රංමැණිකේ කියා මට
මම මුතු මැණිකේ.....
ඔබට විතරම විතරයි රංමැණිකේ.....

නිසංසල සඳක්......

පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක...
අම්මලා වුනත් විරසක වෙනවා ද හෙට..
සුදු කරල් එපා.....
ඔබගෙයි මගෙයි පෙම් කෙතට.....

නිසංසල සඳක් .......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.