Lyrics
නිසංසල රෑ ඔබේ වෙණ නද...
නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා - මා සොයා ආවා
බඹර සරයෙන් සවන පාරා - හද තුළට ආවා
(දෑස කඳුළින් තෙමී වැසුනා...//)
(නොලිවු ගීතය හිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ...//)
(දෑස කදුළින් තෙමී වැසුණා...//)
සහස් සුවහස් තාරකා
කන් යොමාගෙන - නෙත් අයාගෙන - බලා හිටියා නීල ආකාසේ
බමර සරයෙන් සවන පාරා
හද තුළට ආවා
(දෑස කදුළින් තෙමී වැසුණා...///)