Lyrics
නිසල වෙලා හද නොසැලේ හසරැල්
ආදරේ රතදර යුගෙන් ඔබේ
සසලව යයි සිත මැලවුණු ඔබේ වත
දොවමි කඳුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්
නෑසිය මිතුරන් ඒ හැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද...
මා සමගින් කීවේ මේ භවයේ
එක මග ආ ඔබ වෙන්වන්නේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද...