නිසදැසයි ආදරේnisadhaesayi aadharee

Nisadasai Adare

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
දිමිත්‍රීdhimithrii

Lyrics

හොඳ හිතක් නැතත් ඇත හදක් මටත් කියලා 
කිසි කෙනෙක් නොදුන් ඉඟි දේවි සිනා නගලා 
මට වැඩක් නැතත් ඒ දෑසට නෙත් යොමලා 
බඹරෙක් කවදාවත් යයිද මලක් දමලා 

සෑමදා හමුවුනා සොඳුරු සඳ රාත්‍රියේ 
වැටහුනා ඈ වෙනස් කටු නැතේ ඒ මලේ 
දුර දිගක් නොබලා මුල පිරුව ඒ කවි පොතේ 
අන්තිමේ ලියැවුනේ නිසදැසයි ආදරේ

මට දුකක් නැතත් හෙට මොකක් වුනත් කියලා 
පොඩි බයක් දැනෙයි ඔබ වෙනස් උනොත් කියලා 
කොයි කෙනා ඇතත් හිත ගත්තෙ ඔයා හින්දා 
මට ඇතත් නැතත් මම ඔබටම පෙම් බැන්දා 

සෑමදා හමුවුනා සොඳුරු....

ජීවිතේ මුදු සිසිලක් වේදෝ 
අපේ හිත් කොතරම් කෙළිලොල් දෝ 
පිනි බිඳු ලෙසින් පටන් ගත් 
ආදරේ වර්ෂාවක් වේදෝ 
ඔබ ලඟින් ඉන්නට ඇත්නම් 
මට වෙන මොනවත් මොකටදෝ  

සෑමදා හමුවුනා සොඳුරු....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.