නිර්වාණයේ (වස්සානයේ කඳුළු වියලී යාවී)nirwaanayee (wassaanayee kandulu wiyalii yaawii)

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Lyrics

වස්සානයේ කඳුළු වියලී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
අළුත් ඉරක් හෙට පායා ඒවී.....

හිනා මල් ළඟ මං නවතින්නෑ
ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ.....

මං දැන් නිර්වාණයේ……

බොඳ සිහින වල ආයිත් ගිලෙන්නෑ
අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයිත් හදන්නෑ…..

නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.