නිරතුරු මම ඔබ ගැනnirathuru mama oba gaena

Nirathru Mama Oba Gana

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

Lyrics

නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි 
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද...

මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කළ යුතු කිසිවක් සිතට නොඒ
මගෙ සිතිවිලි එක තැනක නොවේ...

නිරතුරු මම ඔබ .../

දෙදෙනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ළඟ සිටිය යුතුයි
අප එක සෙවණක විසිය යුතුයි
නැත නැත අප එක් නොවිය යුතුයි...

නිරතුරු මම ඔබ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.