නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්niranjalaa kaatadhoo aadhareelu dhaen

Niranjala Katado Adarelu Dan

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...//

සමනළයයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපට ආස නෑ...
 
ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...

දඟකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් හඬන ආදරේ
අපට ඕනෙ නෑ...

කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.