නින්දත් හොරා ගත්තා ඔයාnindhath horaa gaththaa oyaa

Nindath Hora Gaththa Oya

Music:
අජිත් සංජීව පෙරේරාajith sanjiiwa pereeraa
Lyrics:
රොෂාන් පෙරේරාroshaan pereeraa

Lyrics

සුවඳ දෝතින් දරා කවුද එබිකම් කලා
ඔය ඇස් අස්සේ මං හෙවුව ආදරේ තැවරිලා
සිහිනයක ඔබ එදා සැරිසැරූ කල්පනා
ආසයි තුරුලෙ ගුලි වෙන්න හංසියේ මගෙ කියා

හැඟුමන් සිත දරා පාවුනා සුළගේ පවා
එනවාද ආයේ සිහිනෙකටවත් ලංවෙලා

බැල්මෙන් පවා ඔච්චම් කලා
ආදර‍ය දැනෙනා තරම්
නින්දත් හොරා ගත්තා ඔයා
ඇස් ගාව හීනේ අරන්
මං ආදරෙයි රත්තරන්

දෑසින් හොරා කීවා කතා
සංසාර සෙනෙහේ නමින්
සත්තයි ඔයා හුස්මක් පුරා
මට දැනෙනවා තව ළගින්
ජීවත් වෙමී නුඹ නමින්

සුවඳ දෝතින් දරා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.