නිමේෂයක් දෙන්නnimeeshayak dhenna

Nimeshayak Denna

Lyrics

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන
හීතලම හීතල හදවත උණුහුම් කරන්න
අඳුරු බීරුම ඈතට පලවා හරින්න
සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි
ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි.....

ආත්මය බර වැඩියි
සුසුම් හෙළා සැහැල්ලු වනු බෑ
රාත්‍රිය දිගු වැඩියි
නුඹට තව කඳුළු හෙලන්න බෑ......

පියඹන්නම් දෝ නුඹ අරන් රාත්‍රියේ
කිමිදෙන්නම් දෝ නුඹ අරන් සාගරේ
මං වෙන්නම් දෝ නුඹ පතන ජීවිතේ
නුඹ තනියම නෑ.....

විරාමයක් දෙන්න නුඹේ හද ගැඹුරේ
හේෂාරාව කරන රුදුරු අතීතය
හීතලම හීතල තොල්පෙති උණුහුම් කරන්න
නුඹේ ළඟට එන්න මට දොර විවර කරන්න
මකුළු දැලේ රැඳුණු සමනලියක් වාගෙයි
ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.