Lyrics
මේ අවකාශයේ මා හැගුම් මුසුවෙලා
ඒ අදුරු රාත්‍රියේ මා සිතින් දුර ගියා
අදුරු මතකයන් හදතුල සිරවී
සිතූ සියල්ලන් දැන් එය බොදවී
සුසුමක් සමගින් ඈතට පාවී
ඒ සොදුරු මතක සැඩ සුළඟට හසුවී
කුරිරු ජීවිතේ සිතුවිලි විසිරී
සෙවනැලි දහසක් ලග මා තනිවී
ශබ්දයකින් තොර ලොවකට පාවී
ලොවක් නිදන රෑ මා අවදියෙන් සිටී
ඔය දෑසේ සැගවූ මායාවේ
රෑ අහසින් වැටෙනා තරුවක් සේ
මා සිහිනේ නොපෙනී ගිය ඇතේ
නිමේෂයක් ගතවී ඇති බව සිතේ //
හමනා සුලගක් මා හට නො දැනේ
කියූ ඒ වදන් මා හට නොඇසේ
අදුරු වලා තුල මා දැන් තනිවී
ඉමක් කොනක් සොයමින් මා පියඹා යයි
දහසක් නෙත් අතරින් මා සැගවී
සිහිනයක් ලෙසින් සැනකින් පියවී
නිමේෂයකින් තව තැනකින් මතුවී
අදුරු ලෝකයේ ආලෝකය සොයයි
ඔය දෑසේ සැගවූ ....