නිමෙන දිලෙනnimena dhilena

Nimena Dilena

Lyrics

නිමෙන දිලෙන තරුවක් නොව
ඉරක් සඳක් විය ඔබ මට
බිදෙන නැගෙන රැල්ලක් නොව
මහ සයුරක්  විය ඔබ මට //

හඩා වැටුණු මහද මඩල
සුවපත් කල වෙදදුරු ඔබ
ගලා හැලෙන කඳුළු බින්දු
මුසපත් කල අමයුරු ඔබ

නිමෙන දිලෙන .....

මගේලොවට එබී දිලෙන
සරා සඳක් විය ඔබ මට
ජීවිතයට පහස ගෙනෙන 
පහන් ටැඹක් විය ඔබ මට

නිමෙන දිලෙන.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.