නිම් තෙරක් නැති ආදරේnim therak naethi aadharee

Nim Therak Nathi Adare

Music:
සාජ්හන් සංඛsaajhan sankha
Lyrics:
බර්නාඩ් පාතbarnaad paatha

Lyrics

නිම් තෙරක් නැති ආදරේ පොදි බැඳන් සිත් මාළිගේ
නුඹ ළං වී උන් මගේ වතට දැන් සීතල දැනේ
ඈත කඳුරට සීතලේ තනිව ගෙවෙනා යෞවනේ
ඇස නොගැටෙනා මානයේ නුඹ සොයා මා සිත ඇදේ.....

ඈත හමනා මද නලේ මොහොතකට මං පා වෙලා
මගේ හදවත උහුලනා තරම් ඇයහට දන්වපන්
තරු වුණත් ඇතම මගේ කුමට නුඹ නැති ලෝකයේ
ගෙවන්නට මතු ජීවිතේ සොයා එන්නෙමි නුඹ සොයා.....

නිම් තෙරක් නැති.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.