නිම් නැති අහසේ (සකූගේ කතාව)nim naethi ahasee (sakuugee kathaawa)

Nim Nathi Ahase (Sakuge Kathawa)

Lyrics

නිම් නැති අහසේ අඳුරු වලාකුලු 
විගසින් මැකුනාවේ 
කුනාටු හුලඟේ කුනාටු හුලඟේ 
පරඩෑල් පත් අතරේ 
බලන්න හෙමිහිට බලන්න හෙමිහිට 
ලා අංකුර හිනැහේ 

අගාධ අඳුරේ නපුරින් මැලවුන
සිනා අහිමි මුවගේ 
හිනාව රඳවමු නිබඳව ජීවිතයේ 
හිනාව රඳවමු හිනාව රඳවමු 
නිබඳව ජීවිතයේ 
    
(කුනාටු හුලඟේ කුනාටු හුලඟේ 
පරඩෑල් පත් අතරේ 
බලන්න හෙමිහිට බලන්න හෙමිහිට 
ලා අංකුර හිනැහේ)..//

මිලාන පැතුමේ කැකුලක් පූදින 
සැබෑ සතුට මෙලොවේ 
සදාතනිකවම රඳවමු ආදරේ 
(හිනාව රඳවමු හිනාව රඳවමු 
නිබඳව ජීවිතයේ)..// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.