නිම්හිම් සෙවුවා මා සසරේnimhim sewuwaa maa sasaree

Nim Him Sewwa Ma Sasare

Music:
නිමල් මෙන්ඩිස්nimal mendis
Lyrics:
ඕගස්තස් විනයාගරත්නම්oogasthas winayaagarathnam

Lyrics

චිත්‍රපටය: සීතාදෙවී  (1970)

නිම්හිම් සෙවුවා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළංවී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැදුනා

ඉරහඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.