නිල්වන ලන්දේnilwana landhee

Nilwana Lande

Lyrics

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ //

තනි යහනේ නෙත නිදි නොයෙන්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක්සේ සුළඟට ගියාදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

නිල්වන ලන්දේ...

තහනම් දෝ ප්‍රේමය නපුරු දෝ
මං මුලාවී පිං මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

නිල්වන ලන්දේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.