නිලුපුලේ නිල දෙන්න මටnilupulee nila dhenna mata

Nilupule Nila Denna Mata

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක 
දොළේ දොළදුක කෙලවර කළ හැක
කඳුල මිදුලෙ වළලන දවසක  
සෙනෙහසේ රස මවා ගන්න මට
(උරහිසේ හිස තියා ගන්න ඔබ...//)

විලේ විල් දිය රැලේ රැලිපිට 
හිතේ සිතිවිලි පාවෙන්නට හැර 
ඔබේ සුසුමේ මුසු වෙන්නට මට 
ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන 
හෙවනක හෙවනැලි ගලපන දවසක

නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක 

මලක මල්වර මිහිර උරා බොන 
කැලේ කොළේ බඹරුන්ගේ වද විඳ 
මලේ මළගම සිදුවන්නට පෙර 
වදුලේ අයිතිය බාර දෙන්න මට 
කරදර දරවැට ගලවන දවසක 

නිලුපුලේ නිල දෙන්න මට......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.