නිලම්බරේ සුදු පරවි රෑන්nilambaree sudhu parawi raen

Nilambare Sudu Parawi Ran

Lyrics

නිලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා 
දොරින් දොරට හසරැල් රැලි තෙරපෙන කලක් උදාවේවා 

උදෙන් ගලා ගිය ලෝහිත කඳුළැලි 
සුනිල් සයුරු මත වැද වියැකී 
බියෙන් විකල් වී ගිනිගත් ජනහද 
සහන සිහිල් සුවයෙන් සැනහී  

නිලම්බරේ...

තුඩින් තුඩඅග සෙත් කව් ගී රැව්දී 
සවන් යුගල මිනී කොඩොල් රැඳී 
පහන් හැඟුම් සිත් අතර නිධන් වී 
නුවන් සඟල උණු කඳුළු සිඳී 

නිලම්බරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.