නිල්වන් ජලාසේnilwan jalaasee

Nil Wan Jalase

Music:
සජිත් රාජපක්‍ෂsajith raajapaksha
Lyrics:
විකුම් ශ්‍රීwikum shrii

Lyrics

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ
කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ......//)
සඳකැන් වැටිලා පෙම්වන්ත යායේ
නැළවෙන්න ඕනා තුරුලේ ඔයාගේ
නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ......

සවනෙතට මාගේ මුමුණන්න ප්‍රේමියේ පෙම් ගී පද වැල් ගොතා
සංසාර ගමනේ පි‍යඹන්න මා හා නොම යන්න තිනකර දමා
තරු දිලෙන මේ සොඳුරු යාමේ අපි පතමු පෙම් ප්‍රාර්ථනා
නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ......

සමනල් පියාපත් ලැබුණා වගේ මට දැනුණේ මගේ රත්තරන්
පවනක් වෙලා මා එන්නම් බැඳිලා ඔබ යනෙන මං පෙත් පුරා
භවයෙන් භවේ මාගේ වේවා පතනෙමි නිශා යාමයේ......

නිල්වන් ජලාසේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.