නිල් සඳමඩලේnil sandamadalee

Nil Sanda Madale

Lyrics

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳියි ජීවිතේ
නිල් සඳමඩලෙ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරුවේ
කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳියි ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරුවේ

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කදුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.