නිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය)nil nulupul dhaesin (sudhu anguru theemaa giithaya)

Nil Nilupul Dasin (Sudu Anguru Theme Song)

Music:
උදාර සමරවීරudhaara samarawiira
Lyrics:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

Lyrics

නිල් නුලුපුල් දෑසින් වෑහෙනා ප්‍රේම කඳුලින්
මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින්
(මට මුළු ලෝකේ ජයගන්න ඕනේ
ඔබ හෙවණැල්ල වී ඉන්න ඕනේ....//)
(සුන්දර බව ලෝකේ වැටහුනේ හිතට ඔබගෙන්...//)

මගේ ජීවිතේ හැඩය ඔපවත් කළේ 
ඔබ ඇන්ද ආදරයේ චායා 
හිත අස්සේ කිති කැවෙන මගේ ආදරේ
ඔබේ හිතට දැනෙනවාද මන්දා
(ආදරේ එහෙම දැනුනාට අපේ හිත් වටා
සිහිනයක් වෙන්න නම් දෙන්නෙපා.....//)

(මට මුළු ලෝකේ ජයගන්න ඕනේ
ඔබ හෙවණැල්ල වී ඉන්න ඕනේ....//)
(සුන්දර බව ලෝකේ වැටහුනේ හිතට ඔබගෙන්...////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.