නිල් නෙළුමේnil nelumee

Nil Nelume

Music:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
Lyrics:
සජිත් දිල්පහන්sajith dhilpahan

Lyrics

නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී 
රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී 
හද පුරලා සෙනෙහේ මටම තියන්නී 
ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී 

(රන් සිනහ සරින් කවට කමින් මා සැනහෙන්නේ 
ඔය උමතු නෙතින් කොමල බසින් මා මියැදෙන්නේ)...//

නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී 
රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී 
හද පුරලා සෙනෙහේ මටම තියන්නී 
ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී 

ඔය දෙතොල් මතින් සුසුම් තියන් 
ළමැදේ හිස තියන් ඉන්න    
හෙමි හෙමිහින් තුරුල් වෙලා 
බලා හිඳින්න 
ඔය කතා කරන නිල් නෙතඟේ 
දහස් වරක් මා සැතපේ
ඈත මෑත ගවු දුර ගවු නොයාන ඉන්න 

නිල් නෙළුමේ සිහිනේ දසත සරන්නී 
රන් තුරු වදුලේ රඟනා විහඟ නදින්නී 
හද පුරලා සෙනෙහේ මටම තියන්නී 
ඔය රුවමයි දිව රෑ මට දුක් දුන්නී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.