Lyrics
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ..
(නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ
රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ...//)
(හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ
සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//)
(ඔබ කැපවී පලක් ලැබුනි දෝ
සඳුට හොරෙන් අඳුර මැදින් කඳුළු ගලා දෝ...//)
ගයන වයන රඟන ලොවේ පෙමට බැඳේ දෝ
නෙතේ ඔබේ කඳුළු වැටේ සිනහා ඕනෙ දෝ
(හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ
සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//)
(පලක් නොවන අනග රැඟුම් සිහින නොවෙයිදෝ
ඇහෙන කියන මුකුළු කතා බොලඳ නොවෙයිදෝ...//)
බොලඳ නොවන පෙමක පෙමක් මිහිරි වෙනවදෝ
සිහින හැඟුම් කියා පෙමට නිගා දෙනවදෝ
(හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ
සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//)
(නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ
රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ...//)
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ..