Lyrics
නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා
හිනැහෙන්නී
ඉඟිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා
මට පේන්න ගත්ත දෙවේලි
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලි
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී
උඹ මිරිඟුවක්ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සෙන් පන්නන්
ලඟින්ම එන කළු යකාද මං
ඕනේ නෑ කෙල්ලේ සක්කරවට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්දපන් උඹට දෙයියෝ දුන්න වත්කම
නිල් දෙනෙතී....
Girl your all I need
Girl your all I need girl
Girl your all I need
මගේ ඇස් කොනේ පැටලිලා
දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය අත මම
ආස නැද්ද මගෙත් එක්ක යන්න අහස ලඟ
එකතු කරගන්න මගේ වාසගම
නුඹ ගාවම කැරකෙන්නේ වගේ මම බඹර
පොරොන්දුවක් වෙමුද අපි අතර අපි අතර
නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එලිය වුනේ නුඹ මගේ හින්දද
චූටි හුරුබුහුටි අහිංසක
සීතල දවසක නුඹයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල
නිල් දෙනෙතී....
Girl your all I need
let me love you
Girl your all I need
මගේ ඇස් කොනේ පැටලිලා
නපුරුයි කතා
සොඳුරුයි සිනා
මාගේ හිත පාරනා
සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා
නිල් දෙනෙතී....
Girl your all I need
I 'll do anything for you girl
Girl your all I need
(මගේ ඇස් කොනේ පැටලිලා...///)