නිල් දෑසක් ළඟnil dhaesak langa

Nil Dasak Langa

Lyrics

නිල් දෑසක් ළඟ නතරවෙලා මම
දාහක් ඇස් පසුකර ඇවිදින්
අහගෙන ඉන්නම් මම හැමදාමත්
නිල් ඇස් කියනා පුරුදු වදන්

සිතිවිලි අතවැල් බැද ඇවිදිද්දී
තොරතුරු මොන මොනවත් විමසා //
සිනා මිටක් මා ළඟ අතුරන්නේ
සන්සුන් සිත දෝතින් උදුරා

නිල් දෑසක් ........

සිතට සිතක් ආපසු දෙනවානම්
මගෙ සිත ඔබ ළඟ තිබුනාවේ //
එනකොට කොහොමද නොවී තියෙන්නේ
මිහිරිම තනුවක් සංසාරේ

නිල් දෑසක් ළඟ ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.