නිල් අහසේ උමතු වලාnil ahasee umathu walaa

Nil Ahase Umathu Wala

Lyrics

(නිල් අහසේ උමතු වලා
ගොලු වි දුක්සේ පාවෙනවා
ගිමිහානේ හිරු නැගලා
පිපුනු කුසුමිපෙති පරවෙනවා......//)

තන පලසේ පිනි කදුලු සලා
ලොවට වියෝ දුක පතල කලා
ඔබගේ ආදර මදු ගීතේ
වෙනදා මෙන් සවනට නෑසේ
ඇයි මේ මිහිකත වැලපෙන්නේ......

නිල් අහසේ උමතු වලා...

එදා පිපුනු මල් හිරු එලියේ
අද නොපිපේ මගෙ සුරතලියේ
යෞවනයේ රන් තිරය ඉරා
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ
එය නෑ කදුලෙන් සේදෙන්නේ.....

නිල් අහසේ උමතු වලා...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.