නිල් අහසට ගිණි තියන්නnil ahasata gini thiyanna

Nil Ahasata Gini Thiyanna

Music:
කසුන් නවරත්නkasun nawarathna
Lyrics:
දිමුතු කාලිංග දහනායකdhimuthu kaalinga dhahanaayaka

Lyrics

නිල් අහසට ගිණි තියන්න
මට කියන්නේ ඇයි කියන්න
රන් තරු කැට ගෙනත් දෙන්න
මට කියන්නේ ඇයි කියන්
ජීවිතේ තුන් මංසල ළඟ නැවතී
ආදරේට අත වනාවී.....

ඉර ගියාම සඳ හොරකම් කරන් එන්න
ආදරයෙන් කියනවා මට අහන් ඉන්න
පාට පාට ලෝකෙක සුව විඳින්න
ලාභයි ආදරේ අරගෙන බලන්න.....

සඳට හොරා සඳ පිණි දිය යට තෙමෙන්න
ආකාසෙන් ඈත එපිට ඉගිල යන්න
හීන නොදුටු දෑසක රූ අඳින්න
ලාභයි ආදරේ අරගෙන බලන්න.....

නිල් අහසට.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.