Lyrics
නිල් අහස සේ නුඹ දුරයි
රළු පොලොව සේ හිත බරයි
ඉකිබිඳින හිත දුක් බරයි
මම නිල් අහසටම ආදරෙයි //
හිත භාවනාවක් වෙලා
නුඹේ සෙනෙහසින් සුව වෙලා
හෙට එලිවෙන්න බැරි දුර වගෙ
නෑ සිහිනයෙන් දුරු වෙලා
නිල් අහස සේ ....
මහ සාගරය ලඟ වගේ
නුඹ අනන්තයි නෙතු පුරා
තව ලංවෙන්න බැරි දුර වගේ
නිල් අහස් ලඟ නුඹ වෙලා
නිල් අහස සේ ....