නිල් අහස පුරාnil ahasa puraa

Nil Ahasa Pura

Lyrics

නිල් අහස පුරා උණුසුම සදලා 
සැමදා මගේ තාත්තා 
සෙනෙහස වපුරා මහමෙර උතුරා 
සැමදා මගේ තාත්තා... 

[තව්තිසාවේ සුවඳ පැනින් දෙව් ඔබේ 
සෙනෙහසෙන් නැහැවී මා ලෝකය දිනුවා]

සිහිනයේ සැබෑව මට පහදා 
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 
නිදි නැති කප්තුර බොහොසේ ගෙවුණා 
ඔබ හින්දා මං ලෝකය දිනුවා 
සිනහව කැන්දා කඳුළැල් සඟවා 
නුඹ උන්නා මගේ තාත්තා 
දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා 
මගේ තාත්තා... 

නිල් අහස පුරා... 

[ඔබේ පැතුම් මල් මගේ දෑතේ පිපිලා 
තාත්තේ මේ මල් සුවඳ ඔබ නහවන්නයි]

නෙතු වෙහෙසා මග බලමින් උන්නා 
මා දිනු ලෝකය දෝතට රන්දා 
දෙපා මුලින් තබන්න හිතුවා 
ආයෙත් නොඑන්න නුඹේ නෙතු වැසුනා 
කොහෙදෝ නුඹ ඈතක ඇදුනා ඇදුණා
මගේ තාත්තා 
සැනසී හිඳින්න මා දැන් දිනුවා දිනුවා 
මගේ තාත්තා... 

නිල් අහස පුරා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.