නිල් අහස් ගව්ව සිඹින තරම්nil ahas gawwa simbina tharam

Nil Ahas Gawwa Simbina Tharam

Lyrics

නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගෙ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි
නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරි

සනසන්නේ ඔබ තමයි මැලවෙන්නේ මං තමයි
පෙම් මාලිගාවේ සුවඳින් පිරෙන දවස අත ළඟයි
පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම් ඔබට අත වනයි
ඔබට අත වනයි

නිල් අහස් ගව්ව ....

හිමිදිරියේ පිබිදුන හිරු පවා සැඟවුනු
ලානිල්ල වැදුනු මල් යායට එන්න පේවුනු
රන් පාට සඳක් පායා එයි මමයි ඔබේ සඳු
මමයි ඔබේ සඳු

නිල් අහස් ගව්ව ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.