නිල් අහස ගව්ව සිඹින තරම්nil ahasa gawwa simbina tharam

Nil Ahas Gawwa Simbina Tharam

Lyrics

නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගේ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි
නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී

සනසන්නේ ඔබ තමයි මැලවන්නේ මං තමයි
පෙම් මාළිගාවේ සුවඳ පිරෙන් දවස අත ළඟයි
පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම් ඔබට අත වනයි
ඔබට අත වනයි

නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගේ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි
නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී

හිමිදිරියේ පිබිදුණ හිරු පවා සැඟවුණු
ලානිල්ල වැදුණු මල් යායට එන්න පේවුණු
රන් පාට සඳක් පායා එයි මමයි ඔබේ සඳු
මමයි ඔබේ සඳු

නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගේ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි
නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.