නිහඬ තරු එළිnihanda tharu eli

Nihanda Tharu Eli

Music:
නලින්ද රණසිංහnalindha ranasinha
Lyrics:
මංජුල ධර්මප්‍රියmanjula dhharmapriya

Lyrics

නිහඬ තරු එළි කරන විමසිලි
ඔබට හුරු නෑ මට තරම්
සගුණ තුටු අග පවා පොපියයි
කතා අපි ගැන හැදි තරම්
කතා අපි ගැන ඇති  තරම්...

ලොවට රහසේ කොහොම යන්නද
මේ අහස යට අත් බැඳන්
ඉන්නවා ඉර හඳ දිවා රෑ 
(බිමට ඇස් දල්වා බලන්...//)
ආදරේ මල් පිපුණු සිත් වල
(කඳුලු බර ඇයි මේ තරම්...//)


දුරස් වෙමු දුක දරාගෙන 
අපි අපිට හිමි කඳුලත් අරන්
නිවනු මැන සිත සඳුන් තවරා
(සසරේ මතු මගේ ළඟ ඉඳන්...//)
ආදරේ මල් පිපුණු සිත් වල
(කඳුලු බර ඇයි මේ තරම්...//)

නිහඬ තරු එළි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.