නිහඬ රෑ පාළුවේnihanda rae paaluwee

Nihada Ra Paluwe

Music:
ප්‍රසන්න රෝසාprasanna roosaa
Lyrics:
ප්‍රසන්න රෝසාprasanna roosaa

Lyrics

නිහඬ රෑ පාළුවේ සුසුම් දවනවා
හදවතේ ඇති සෙනේ මුව අගින් ගොළු වෙලා
දැනෙනවා මට සදා ඔබ මගේමයි කියා
කුළුඳුලේ පැතු සෙනේ හදවතේ හිරවෙලා.....//

(සිත මගේ කියනවා පවසන්න කිය කියා
මහදේ ආදරේ පුද දෙන්න කිය කියා.....//)
නෙතු ගැටුණු විට ඔයා මුව මගේ ගොළුවෙලා
හදවතේ ලියලෙනා ආදරේ තනිවෙලා......

(සැනසුමක් නෑ හදේ මහමෙරක් වගේ දැනේ
පුද දෙන්න ආදරේ මං ඉන්නේ මග බලා.....//)
ළංවෙන්න හිනැහිලා මා ගාව දැවටිලා
පවසනා තුරු මෙමා හද පුරා ආදරේ......

නිහඬ රෑ පාළුවේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.