නිහඬ පාලු හැන්දෑවේnihanda paalu haendhaewee

Nihada Palu Handawe

Music:
උදාර චින්තකudhaara chinthaka
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

නිහඬ පාලු හැන්දෑවේ හීන ගං තෙරේ
පේවී එන්න ඇත්නම් සීතලේ
කෝඩුකාර හීනයේ හදට බැඳි සෙනේ
දෝරේ යන්න වාගෙයි හීසරේ
(ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
අපට අප අහිමියි හිතවතී...//)

කඳුළු ගැල් වූ නෙත් තීරේ හැඟුම් තෙරපිලා
හදේ සුසුම් ඇහැරී රෑ පුරා
බිඳුන හීන සිත් යායේ ශෝකේ පල කළා
හීන පිරූ කාලේ සිහිවෙලා
(ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
අපට අප අහිමියි හිතවතී...//)

පාලු ගලන රෑ තිස්සේ මතකයට වෙලා
කොතෙක් කල් සිටිම්දෝ වැලපිලා
සිඳුනු හීන ඔය ළමැදේ සුළඟ අත එවා
යන්න ඔබ ඉතින් ඔහු කරා...
ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී
අපට අප අහිමියි මේ භවේ....//

නිහඬ පාලු හැන්දෑවේ...
අපට අප අහිමියි මේ භවේ
අපට අප අහිමියි හිතවතී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.